පොලිස් නිලධාරීන් 35 ක් සදහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා නිලධාරින් පිරිසක් මෙලෙස ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 ක්, පොලිස් අධිකාරීවරුන් 04 ක් සහකාර පොලිස් අධිකාරීවරුන් 25 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස් පණිවිඩ හරහා නියෝග ලබා දී ඇති බවද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්
- තුර්කියේ භූකම්පනයක්
- රාජ්‍ය සේවයේ වැටුප් ඉහලට












