සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගයට මුහුණ දී ඉහළින් සමත් පොලිස් නිලධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් වීම් ලබා තිබෙනවා.
ඊට අදාල උසස්වීම් ලේඛනය ඉදිරි පැය කිහිපය තුළ පොලිස් මූලස්ථානය විසින් නිකුත් කිරීමට නියමිතයි.
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදුන් එම ලේඛනය ඊයේ සවස පොලිස් මූලස්ථානයට යොමු කර තිබෙනවා.
2023 වසරේ පැවති සීමිත තරග විභාගයෙන් මෙසේ උසස්වීම් ලද නිලධාරීන් අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ 03 දෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.
දැනට සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂකවරු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2000කට ආසන්න නිලධාරීන් පිරිසක් මෙම සීමිත තරග විභාගයට මුහුණ දී තිබෙනවා.