පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහායි.
එහි පළමු අදියර ලබන මස 14 වනදා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළා.