පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා විසිනුයි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ලේකම්වරයා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්රවාහණය සදහා පොදු ගමනාගමන සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්වනවා.