මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙනවා.
ඒ් අනුව අද උදෑසන 8 සිට පස්වරු 4 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගන්නා බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ
2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්.
ඒ සඳහා වන අයදුම් පත්‍රයද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.