මෙරට බලශක්ති සම්ප්‍රේෂණය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති වර්ධනයට සහාය වීම සදහා ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් ණය ආධාරයක් ලබා දී තිබෙනවා.
මෙම බැංකුව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපෘති 5කට මේ වන විට සහාය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ශ්‍රී ලංකා රජය කෙරවලපිටිය වරාය එල් දෙවන සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සදහා ණය ගිවිසුමක් අත්සන් කළා.
මේ යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් හිමිවනු ඇති.
මෙම ව්‍යාපෘතිය යටතේ කෙරවලපිටිය සිට කොළඹ වරාය එල් ග්‍රිඩ් උපපොළ දක්වා සම්බන්ධ කරන කිලෝ වෝට් 220 තනි පරිපථ භූගත කේබල් පද්ධතියක් සැලසුම් කිරීම ,සැපයීම, ඉදිකිරීම ,පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
මහ කොළඹ ඇතුලු නාගරික ප්‍රජාවට ස්ථාවර හා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම , ජාලක ස්ථායිතාව පවත්වා ගැනීම ආදි වැදගත් කාර්යභාරයන් රැසක් මෙමගින් ඉටුකරනු ඇති.
උණුසුම් පුවත්
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














