කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක ගමන් ගත් අවුරුදු 56ක් වයසැති තිදරු මවකගේ මුදල් සහිත බෑගය මාස දෙකකට පසු අයිතිකරු සොයා භාරදීමට එම බස් රථයේ හිමිකරු අද(26) පියවර ගෙන තිබෙනවා.
නෝර්වුඩ් පොලිස් බලප්‍රදේශයට අයත් රොක්වුඩ් වතු යායේ පදිංචි කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින එම කාන්තාව මීට මාස දෙකකට ප්‍රථම අංක එන්.ඩී. 1308 දරණ බස් රථයෙන් හැටන් දක්වා ගමන් කරමින් සිටියදී මුදල් සහිත බෑගය බස් රථය තුළ අමතක වී දමා ගොස් සිටියදී එම මුදල් සහිත බෑගය බස් රථයේ අයිතිකරු වන එන්.පී.කේ. සේනානායක මහතා විසින් අහුලා අයිතිකරු සොයා ගැනීමට ඔහු භාරයේම තබාගෙන ඇත.
මුදල් සහිත බෑගය අයිතිකාර කාන්තාවගේ සැමියා සහ දියණිය විසින් ඒ පිළිබඳ ඊයේ(25) දින නෝර්වුඩ් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නෝර්වුඩ් පොලිසිය විසින් බස් රථයේ අයිතිකරුගෙන් සිදු කළ විමසීමකින් පසු එම මුදල් සහිත බෑගය තමන් සතුව ආරක්ෂිතව තිබෙන නිසා එම මුදල් සහිත බෑගය හැටන් පොලිසිය වෙත භාර දෙන බැවින් එහි අනන්‍යතාවය හැටන් පොලිසියට තහවුරු කර ලබාගන්නා ලෙසට බස් රථයේ හිමිකරු විසින් නෝර්වුඩ් පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
එම බෑගයේ තිබූ රුපියල් 41100ක ම ුදල සහ එම බෑගයේ තිබූ සායන පොතක්, ජාතික හැඳුනුම්පත බස් රථයේ අයිතිකරු විසින් හැටන් බස් නැවතුම් පොලේ වේලා සටහන්කරුට ඊයේ(25) දින භාරදී ඇති අතර එම වේලා සටහන්කරු වන රුවන් පුෂ්පකුමාර මහතා විසින් එම බෑගයේ තිබූ මුදල් සහ සියලුම ලියකියවිලි හැටන් පොලිසියේදී අද(26) දින සැමියාට සහ දියණියට භාර දෙන ලදී.