
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ 2018-09-09 වන දින නාරංගස්පිටිය, කිරිඳවැල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව ඊයේ(08) දින නිට්ටඹුව පොලිස් වසමේ රන්පොකුණුගම ප්‍රදේශයේදී මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු වයස අවුරුදු 47ක් වන රන්පොකුණුගම, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩයෙන් යුත් කුඩා ගිනි අවියක්, එයට යොදන පතරොම් 5ක්, ටී-56 පතරොම් 4ක්, මිලිමීටර් 9 වර්ගයේ පතරොම් අටක් සහ බෝර 12 වර්ගයේ පතරොම් දෙකක් විමර්ශන නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














