විපක්ෂයේ ඇතැම් පිරිස් කිසිදු හේත්වක් නොමැතිව තම පුත්‍රයා පිලිබදව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ඒ පිලිබදව පැමිණිලි කිරීම සදහා අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කළා.
පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී ළමුන්ගේ ජීවිතය විනාස කිරීමට ඇතැමුන් උත්සහ කරන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ .
දේශපාලන වශයෙන් කුමන ගැටළු අර්බුධ තිබුනද මෙවැනි අසත්‍ය ප්‍රචාරණය ඉතා පහත ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා සදහන් කලේ .
සමස්ත රටේම දරුවන් වෙනුවෙන් මෙම අවස්තාවේ තමන් පෙනී සිටන බවද සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සදහන් කළා .