පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේතියුණු ආයුධයකින් පහරදීමෙන් ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ සිරුරක් පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කාණුවක ඇති බවට ඊයේ(22) උදෑසන පුත්තලම පොලිසිය වෙත තොරතුරක් ලැබී ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72ක් පමණ වන රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටද පොලිසිය පවසනවා.
මරණකරු තම ත්‍රීරෝද රථයෙන් තවත් පුද්ගලයෙකු සමග කුලී ගමන්ක යමින් සිටියදී ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ත්‍රීරෝද රථය සහ මුදල්ද රැගෙන පළාගොස් ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු ත්‍රීරෝද රථයද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු වයස අවුරුදු 16ක් පමණ වූ රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවද පොලිසිය කියා සිටියා.
ඝාතනය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











