රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා..
ඉන්දියාවේ පැවැත්වෙන සමුළුක් සඳහා පුටින් මෙලෙස පැමිණෙන අතර, බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් 5-6 යන දිනවල සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සිදුකළ රුසියානු සංචාරයේ දී පුටින් ඉන්දියාවේ සංචාරයකට එක්වන බව සඳහන් වුවද, කාලසීමාව පිළිබඳ නිල සඳහනක් දක්වා තිබුනේ නැහැ.
කෙසේ නමුත් ඉකුත්දා චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවේදී අගමැති මෝදි හා රුසියානු ජනාධිපතිවරයා අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී නායකයින් දෙදෙනා පුටින්ගේ ලිමොසින් රථයේ ගමන්කර ඇති අතර, පැයක කාලයක් සංවාදයක ද නිරතව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ලොකු ලුණු ගොවීන් ප්‍රශ්න විසදීමට ජනාධිපති කාර්යාලයේදී සාකච්ජ්ච්ජවක්
- 21 රැලියට රෝහණ බණ්ඩාරගෙන් සුභ පැතුම්
- ගෙවුණු වසරක කාලය තුළදී නව අවබෝධතා ගිවිසුම් 70ක් අත්සන් තබයි
- 2024 සිට මේ දක්වා කාන්තා හිංසනය සම්බන්දව පැමිණිලි 2,183ක්
- ජනාධිපතිගෙන් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඉල්ලීමක්
- ශ්‍රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් සටන අද සිට
- චිලී ජනාධිපතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් නැහැ – දෙවන වටය දෙසැම්බරයේදී
- ජල පහරේ ගසාගෙන ගිය පුද්ගලයන්ගේ සිරුරු සොයාගනී













