නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුගේගොඩ මිරිහාන පොලීසිය විසිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පස් හැවිරිදි දරුවෙකු බවයි වාර්තා වන්නේ.
පසුගිය 8 වනදා පෙරවරුවේ මිරිහාන, ස්ටැන්ලි තිලකරත්න මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අනතුර සිදුව තිබෙනවා.
දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ සිදුකළ අතර, එහිදී කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබුණා.
ඒ අනුව මෙම සිදුවීමට අදාළව පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් හා පිහිණුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව අගමැතිනියට
- කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- බිත්තර මිල පහළට
- ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
- සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
- රත්‍රං මිල ඉහලට
- විදුලි බිල ගැන කොමිසමේ තීරණය 14 වැනිදා