පිස්තෝල අවියක් සමග සැකකරුවෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(12) සවස් කාලයේ හම්බන්තොට, මරේ පාර ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් හා එම ජීව පතරොම් පහක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලිස් ස්ථානයට ඉිදරිපත් කර ඇති බවයි.
සැකකරු වයස අවුරුදු 50ක් පමණ වූ මරේ පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
හම්බන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














