නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.
සිය වත්කම් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සදහායි පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය විසින් ඇයගෙන් ප්රකාශ සටහන් කරගැනීමට නියමිතයි.
රුපියල් කෝටි ගණනක දේපළ අයථා ලෙස උපයාගෙන ඇති බවට පියුමි හංසමාලිට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.