හඬමින් සිටි වයස මාස දෙක හමාරක් වූ සිඟිත්තිකයක් වඩාගෙන ඇවිදිමින නවලමින් සිටියදී දරුවා බිමට වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටිමෙන් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අළුබෝමුල්ල පොලිසිය කියා සිටියේ හඬමින් සිටි දරුවා නලවමින් සිටි පියාට එකවරම නින්ද යාම නිසා දරුවා බිමට වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සිඟිත්තියකි.
මරණ පරීක්ෂකවරිය විසින් මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කර බිළිඳියගේ මව සහ පියා තමා හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර තිබෙනවා.
එලෙස ඉදිරිපත් කළ අවස්ථාවේදී දැරියගේ මව හා පියා මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් දරුවාට කිසිදු අනතුරක් සිදු නොවූ බවත් එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ. කිරිඇල්ල මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව මරණයට හේතුව ලෙස හිසෙහි දකුණු පස තැලීමක් ඇතිවීම හේතුවෙන් මොළයට රුධිරය වහනය වී ලේ කැටියක් හිරවීම නිසා සිදු වූ මරණයක් බවට වාර්තාව ලබාදී තිබෙනවා.
පසුව සත්‍ය තොරතුරු වසන් කළ බවට වූ චෝදනාව මත දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.










