පිටිගල, ගුරුවෙල ප්‍රදේශයේදී වෙළඳ සැලක් අසලදී ඊයේ රාත්‍රී කාලයේ සිදු කළ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා ගල්ළිඳ ප්‍රාදේශීය රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම වෙඩිතැබීම සඳහ ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුරය විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














