පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් සම්බන්ධව සහ පැපොල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟතාවක් සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ පැපොල රෝගයේ අසීමිත පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත් පැපොල රෝගය වැළඳුණු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිඟයක් රජයේ රෝහල්වල නොමැති බවත්ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ පැපොල රෝගයට වූ එන්නත්කරණයක් රජයේ රෝහල් පද්ධතියෙන් මේ වන තෙක් සිදු නොකෙරුණු බවත් එවැනි අවශ්‍යතාවක්ද මතු නොවනු ඇති බවයි.
එමෙන්ම මෙරට ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කර ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට අදාළ ඖෂධ තොග මේ වනවිටත් රට තුළ පවතින බවද සඳහන් කළා.
උණුසුම් පුවත්
- ඕස්ටේ්රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
- උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අගමැතිනිය කියයි
- හිටපු ඇමති දුමින්ද අධිකරනයට
- තංගල්ලේ මාරක බස් අනතුරක්
- හෙළ සිනමාවේ නිළි රැජිනිය දිවි සැරියට සමු දෙයි
- ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ට එරෙහිව නඩු
- සංචාරක උදාව 2025 ජනාධිපති ප්‍රධානත්වයෙන්
- හජ් උත්සවය දින යලුම මුස්ලිම් පාසල් නිවාඩු