පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් සම්බන්ධව සහ පැපොල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟතාවක් සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ පැපොල රෝගයේ අසීමිත පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත් පැපොල රෝගය වැළඳුණු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිඟයක් රජයේ රෝහල්වල නොමැති බවත්ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ පැපොල රෝගයට වූ එන්නත්කරණයක් රජයේ රෝහල් පද්ධතියෙන් මේ වන තෙක් සිදු නොකෙරුණු බවත් එවැනි අවශ්‍යතාවක්ද මතු නොවනු ඇති බවයි.
එමෙන්ම මෙරට ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කර ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට අදාළ ඖෂධ තොග මේ වනවිටත් රට තුළ පවතින බවද සඳහන් කළා.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
- දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
- ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
- BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
- ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
- රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
- පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –














