දිනකට නව විදෙස් ගමන් බලපත්ර දහසක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීම සදහා මාර්ග ගත ක්රමය ඔස්සේ දිනයක් වෙන් කර ගැනීමේ ක්රියාවලිය අත්හිටුවීමෙන් පසුවයි මෙම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීමට අදත් විශාල පිරිසක් බත්තමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය වෙත පැමිණ සිටියා.
එමෙන්ම අද දිනයේදී විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීමට පැමිණි පිරිස් වෙත පොලිසිය විසින් ටෝකන් පතක් නිකුත් කරනු ලැබුවා.