පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණ කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අදාළ සැකකරුවන් සඳහා චෝදන ගොනුකර තිබෙනවා.
ඒ අනුව නවුෆර් මවුලවී ඇතුළු 24 දෙනෙකුට නීතිපතිවරයා විසින් චෝදනා 23,270 ක් ගොනුකර ඇති බව සඳහන්.
මෙම නඩුවට අදාළ විත්තිකරුවන්ට චෝදනා කියවීම කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ අවසන් කෙරුණා.
ඒ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
දින 5ක කාලයක් පුරා මෙම චෝදනා කියවීම සිදු කර ඇති අතර නඩු විභාගය ලබන ඔක්තොම්බර් 10 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරුන් නියෝග කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











