Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවකු විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවකු විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    2023-01-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාස්කු ප්‍රහාරයට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු විසින් ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

    වසර තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් ඊබ්‍රහිම් ස්මයිල් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් මෙලෙස ප්‍රතික්ෂේප වී තිබෙනවා.

    විත්තිකාර පාර්ශවයේ නීතිඥවරුන් මෙම ඉල්ලීම අද සිදු කළ අතර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

    පාස්කු ප්‍රහාරයේ තොරතුරු දැනගෙන ඒ පිළිබඳ පොලිසියට දැනුම් නොදීම ඇතුළු අධිචෝදනා යටතේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබුණා.

    මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැඟීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද අවවාද කර තිබෙනවා.

    ඉන් අනතුරුව මෛත්‍රිරිපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගි බවයි වාර්තා වන්නේ.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණුනා.

    එහිදී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව පිටත රැඳී සිටියා. එම අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊට විරෝධය පළ කළා.

    කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා කියා සිටියේ, සිය සේවා දායකයා වෙනුවෙන් පවරා ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්තිකූඩුවට නැගීමක් සිදු නොකළ බව යි.

    අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළි අභියාචනාධිකරණ තීන්දුවක් ලබාදෙන තුරු වැළැක්වීම මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙස නියෝගයක් නොවන බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

    ඉන් අනතුරු ව හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැඟ ඇති අතර, නඩුව යළි මාර්තු 17 වැනි දා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    The Colombo High Court today rejected the bail request of a suspect who has been remanded in custody in connection with the Easter attack.
    පෙර පුව​තස.ජ.බ.ය ට සහ ජාතික ජන බලවේගයට පොදුජන පෙරමුණෙන් චෝදනාවක්
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group