පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කළුතර උතුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ප්රදේශයේ පාසල් ළමුන්ගේ දෙමව්පියන් විසින් කළ පැමිණිලි කිහිපයක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළා.
එම අවස්ථාවේ දී සැකකරු සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග්රෑම් 06යි මිලිග්රෑම් 200ක් සොයාගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීමෙන් පසු ඔහුගේ නිවසේ සඟවා තිබූ මත්පෙති 1,080ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.