පාසල් දරුවන් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
පාසල් ළමුන් තුළ පවතින ආතතිය, ආහාර රටාව සහ ව්‍යායාම අඩුකම හේතුවෙන් දරුවන් මෙලෙස රෝගවලට ලක්වීමේ අවදානමක් පවතන බව සඳහන්.
එමෙන්ම ශාරීරික හා මානසික සෞඛ්‍ය පිළිබද වැඩි අවදානයක් යොමු කරන්නේ නම් මෙම අවදානම මගහරවා ගත හැකි බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ.
මේ අතර පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ද ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් පසුගිය වසර 3 ට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ තරමක අඩුවක් නිරීක්ෂණය වන බව එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා සඳහන් කළා.