පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට පත්ව තිබෙනවා.
ඊයේ(06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා, පාසල් සිසුවියක් සහ තවත් කාන්තාවක් නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නුවරඑළිය රාගල ප්‍රධාන මාර්ගයේ රාගල බෘක්සයිඩ් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය කර ඇති වෑන් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් වෑන් රථය රියදුරුගේ පාලනයෙන් මිදී අඩි 10ක් පමණ තේ වත්තට පෙරලී ගසක රැඳී නතර වී තිබෙනවා.
වෑන් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී පාසල් ළමුන් හය දෙනෙක් සහ වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුවෙකුගේ මවක්ද සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරට පත් වෑන් රථයේ සිටි තුවාලකරුවන් සහ සෙසු පාසල් සිසුන් ප්‍රදේශවාසීන් එක්ව ඉවතට ගෙන තිබෙනවා.
අනතුරින් වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් රාගල පොලිසිය පවසනවා.