Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් ආරම්භය ගැන දැනුවත් කරන්න අගමැතිනිය නුවරඑළියට

    පාසල් ආරම්භය ගැන දැනුවත් කරන්න අගමැතිනිය නුවරඑළියට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.105 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් නැවත ආරම්භ කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පරිවේනාධිපති ස්වාමීන් වහන්සේලා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) දින නුවරඑළිය සිනෙසිටා නගර ශාලාවේදී පවත්වා තිබෙනවා.

    දිවයිනේ සියලුම පාසල් දෙසැම්බර් 16 වන දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළත් පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට අදාළ පළාත් දිස්ත්‍රික් බලධාරීන්ට බලය ලබාදී ඇති බව අග්‍රාමාත්‍යතුමිය එහිදී කියා සිටියා.

    අවදානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල්වලට භඊඍධ වාර්තාව ලබාගැනීම අනිවාර්ය බවත් ප්‍රවේශ මාර්ග සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු අතර පාසල් යාම දරුවන්ට බරක් නොවිය යුතු බවත් ගුරුවරුන්ට සහ දරුවන්ට පහසු ඇඳුමක් පැළදීමේ අවස්ථාව ඇති බවද මෙහිදී අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කර සිටියා.

    වාර විභාග, විෂය නිර්දේශවලින් ඔබ්බට ගොස් දරුවන්ගේ මනස සුවපත් කිරීමට උත්සාහ කරන ලෙසත් ආපදාවලින් ආතතියට පත් ළමුන් එයින් මුදවාගැනීමට නම්‍යශීලිව අවශ්‍ය කටයුතු යොදන ලෙසත් අගමැතිනිය මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

    කුමන බාධක පැමිණියත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිදු කරන බවත් මේ වන විට ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු 51%ක් අවසන් බවත් අගමැතිනිය වැඩිදුරටත් කියා සිටියා.

    මෙම ස්වභාවික ව්‍යසනයෙන් පසුව රට පැවැති තත්ත්වයට නොව ඊට වඩා ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කැපවීමෙන් වැඩ කළ යුතු බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

    මෙම විශේෂ සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කලෙයිචෙල්වි, අනුෂ්කා තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

    පෙර පුව​තනොපෙනන වස්තු සොයන්න ගිහින් කූරූ ගනින්න වෙයි
    ඊළඟ පුව​ත ආපදා මරණ ඉහලට

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group