විනාඩි 10 ක කාලයක් සඳහා නියෝජ්‍ය කතානායකවරයා විසින් කල් තැබුණු පාර්ලිමේන්තුව යළි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
දිගින් දිගටම පාර්ලිමේන්තුවේ විපක්ෂය කළ බාධා කිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබුණා.
UPDATE: පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබේ [Aug 23, 2023 at 10:40]
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට නියෝජ්‍ය කතානායකවරයා පියවර ගත්තා.
ඒ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම විපක්ෂය කළ බාධා කිරීම් හේතුවෙන්.
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි [Aug 23, 2023 at 09:14]
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
අද දිනයේ පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසියක් ඇතුළු නියෝග කිහිපයක් පිළිබද විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.