පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
අද දිනයේ ගොවීන්ගේ වී මිලදී ගැනීමට අදාළ ගැටළු සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
විපක්ෂය විසින් ගෙනන යෝජනාවට අනුව අද පස්වරු 12.30 සිට පස්වරු 06 දක්වා මෙම සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.
මේ අතර මෙවර යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සදහා රජය විසින් රුපියල් මිලියන 7500ක් වෙන්කර තිබුණා.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ වී වගා කරන කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 5කට හෙක්ටයාරයකට රුපියල් 15000 බැගින් මුදල් ගොවීන් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.