ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කල පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා කියා සිටිනවා.
මෙහිදී අදාල පනත් කෙටුම්පතේ කිසිම විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයකට අනනුකූල නොවන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා ප්‍රකාශ කර සිටියා.












