තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය කරමින් එම වාර්තාවට සම හිමිකම් කී ඔහු, විශේෂයෙන්ම කඳු නැඟීමේ ශුරයා ලෙසින් මෙරට තුළ අතිශය ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයෙකුද වනවා. මේ අනුව ඔහු ජීවත්ව සිටින තුරාම එම කීර්තිනාමය කිසිවෙකුට ඉක්මවා යාමට නොහැකි වීමද විශේෂත්වයක්. ඒ.එම්. සුමනවීර මහතාගේ ජීවිතය පා පැදිය සමඟ බැඳී පැවති අතර රත්නපුරය, නිවිතිගල මාර්ගයේ දෑල පිහිටි සිය නිවසේ සිට කොළඹ තෙල් සංස්ථාවේ සේවයටද ඔහු පැමිණ ඇත්තේ පා පැදියෙන් බවයි සඳහන් වන්නේ. ඒ.එම්. සුමනවීර මහතාගේ ආභාෂය ලබමින් ඔහුගේ දරුවන් ද පා පැදි තරග සඳහා ඉදිරිපත් වූ අතර, දියණියන් දෙදෙනෙකු වන ඩිලුක්ෂි සහ අයේෂා ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා. අභාවප්‍රාප්ත පාපැදි ශූර ඒ. එම්. සුමනවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනයේදී මල්වල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.
උණුසුම් පුවත්
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට













