විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) සහ කැළණිය විශ්ව විද්‍යාලය අතර තාක්ෂණ සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
එහි මූලික පියවරක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නර්ඩ් ආයතනයේ දී පැවැත්වුනා.
එහිදී දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර මූලික පැහැදිලි කරගැනීම් සහ අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරුනා.
ඊට අමතරව CAD/CAM සහිත සැලසුම් පහසුකම්, නවීන CNC යන්ත්‍ර සහිත තාක්ෂණ පහසුකම් ඇති නර්ඩ් තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථානයේ (Technology Incubation Centre) ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි කිරීමක්ද සිදු කර තිබෙනවා.
මේ අනුව ඉදිරියේ දී කැළණිය විශ්ව විද්‍යාලය ආශ්‍රිතව සිදු කෙරෙන ඉංජිනේරුමය පර්යේෂණ වලදී සහ එම විශ්ව විද්‍යාලය මගින් UBL (University Business Linkage) සහය ඇතිව නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලීන් හිදී අවශ්‍ය අවස්ථාවන් වලදී නර්ඩ් ආයතනය සතු මානව සම්පත් සහය සහ තාක්ෂණ පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.
මේ සඳහා ඉදිරියේ දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව තාක්ෂණ සහයෝගීතා වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.