
පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගරවලට ඇදහැලුණු දැඩි මෝසම් වැසි හේතුවෙන් මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ජල මට්ටම ඉහළ යෑම නිසා බලධාරීන් විසින් ප්‍රදේශයේ පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි. ප්‍රබල වැසි හේතුවෙන් ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වය නිසා නගරයේ ජනජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති අතර, බලධාරීන් විසින් ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසද දැනුම් දී තිබෙනවා.














