සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 46 තුලදී ලකුණු 292ක් ලබාගැනීමට සමත් වූවා.
එහිදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් Tazmin Brits සහ Laura Wolvaardt ශතක ලබාගැනීමට සමත් වූවා.
Tazmin Brits නොදැවී පන්දු 141කදී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වූවා.
ඊට හයේ පහර හතරක් සහ හතරේ පහර විස්සක් ඇතුළත්.
පන්දු 129කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 100ක් ලබාගැනීමට Laura Wolvaardt සමත් වූවා.
සෙසු ක්‍රීඩිකාවන් ලකුණු ලබාගැනීමට සමත්වූයේ නෑ.
පන්දු යැවීමේ පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Diana Baig කඩුලු දෙකක් දවාගැනීමට සමත් වූවා.
ලකුණු 293ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
නොදැවී පන්දුවට පහර දෙන Omaima Sohail ලකුණු 40ක් ලබාගැනීමට සමත් වූ අතර Sidra Amin නොදැවී ලකුණු 16ක් ලබාගැනීමට සමත් වූවා.
පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් පන්දුවාර 36කදී ලකුණු 255ක් ලබාගත යුතු වනවා.
තරගය ලාහෝර්හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනවා.