පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා..
ඒ අනුව පාකිස්තාන වේලාවෙන් ඊයේ සවස 6 සිට පැය 48ක කාලයක් සඳහා මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාකිස්තාන ඉල්ලීමක් මත මෙම සටන් විරාමයට සිය එකඟතාව පළකළ බව තලේබාන් පරිපාලනයද නිවේදනය කර තිබුණා.
ඇෆ්ගනිස්තානය-පාකිස්තාන දේශසීමාවේ ඇතිව තිබෙන මෙම ගැටුම් හේතුවෙන් මේ වනවිට දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්, හමුදා සාමාජිකයන් ඇතුළු 200කට අධික සංඛ්‍යාවක් ජීවිත්‍යක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.













