මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර තිළිණි ප්‍රියමාලි සමඟ එක්ව ලක්ෂ 140 ක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථයක් විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ආයතනයක හිමිකරුවෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොළඹ කොටුව මහේස්ත්‍රෘත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළා.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ මෝටර් රථය රූපලාවන්‍ය ආයතන හිමිකරු නමට ලියාපදිංචි කර විකුණා මුදල් ලබාගෙන ඇති බවයි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














