ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් මහනුවරදී පවත්වා තිබුණා.
ඒ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් .
මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල අපනයනකරුවන් එක් කරමින් ප්‍රාදේශීය අපනයන හැකියාවන් වර්ධනය කිරීම සහ ජාතික අපනයන උපායමාර්ගය සඳහා අවශ්‍ය සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වුණා.
“කලාපීය අපනයනකරුවන්ගේ සංසදයක් පිහිටුවීම” ද මෙහිදී සිදුවුණා.
මෙමගින් ග්‍රාමීය නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධතා ලබාදීම, සැපයුම් දාම සංවර්ධනය කිරීම සහ වඩා සමානාත්මක අපනයන පද්ධතියක් පිහිටුවීම ප්‍රධාන අරමුණ වනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සදහන් කළේ , අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු සඳහා ක්‍රමානුකූලව විසඳුම් ලබා දෙන බවයිත
ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සියළුම මැදිහත්වීම් සිදු කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සදහන් කළා..
උණුසුම් පුවත්
- නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න
- ප්‍රදේශ රැසකට පස්වරු 1න් පසු වැසි
- අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේදී
- ප්‍රාථමික ශ්‍රේනියට සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
- නවක හෙද හෙදියන් ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්රදානෝත්සවය හෙට
- ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ වැඩමුළුවක්
- අගමැති චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයකට සූදානමින්
- මාවතගම ඇතැම් ගැහැනු දරුවනුත් මතට ඇබ්බැහිවෙලා