පාකිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් එරට ආරක්ෂක අංශ නිලධාරීන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම වාර්ථා වල සදහන් වන්නේ.
ප්‍රහාරකයා යතුරුපැදියකින් පැමිණ ආරක්ෂක අංශ නිලධාරීන් ගමන්ගත් ට්‍රක් රථයේ ගැටීමෙන් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවත්, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ආරක්ෂක අංශ නිලධාරීන් ජාතික වීරයන් ලෙස නම් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්ථා වල සඳහන් වනවා.
කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශවයක් වගකීම භාරගෙන නොමැති බවද එම මාධ්‍ය වාර්ථා වැඩිදුරටත් සඳහන් කරනවා.