
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ මහතාගේ දේහය අද පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් එහි තැන්පත් කෙරෙනු ඇති. කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබුණා.














