පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.
කන්ටේනර් 323කින් ප්‍රභාකරන්ගේ අවි ආයුධ ගෙනා බවට පසුගිය 5 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා සම්පූර්ණ වගකීම දරණ බවද රාමනාදන් අර්චුනා මහතා එහිදී කියා සිටියා.
ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ රටකින් රටකට එලෙස අවි ආයුධ ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් මේ ආකාරයෙන් ජනතාව නොමග යැවීම අපරාධයක් බවත්ය.
වරාය හරහා දිවයිනට ඇතුළු වන සියලුම කන්ටේනර් දැඩි පරීක්ෂාවකට ලක්කෙරෙන බවද ආරක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.