මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.