අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත් සඳහා ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නා.