Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි

    ධීවරයන්ට පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්
    2025-10-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.107 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

    මේ අතර ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට අදාළ කාලගුණ නිවේදනයද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මෙම පද්ධතිය අද(25) අලුයම 5 පමණ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 850ක් පමණ දුරින් පිහිටා තිබූ බවද නිවේදනයේ සඳහන්.
    මෙම අඩු පීඩන කලාපය අද(25) දිනයේදී ගිනිකොණ දිග සහ ඊට යාබද මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේහයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    එසේම මෙම පද්ධතිය හෙට(26) දින ගැඹුරු පීඩන අවපාතයක් දක්වා සහ 27 වන දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්දනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

    කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රීතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ රැසකට ගංවතුර අවධානමක්
    වැසි තත්ත්වය

    ත්‍රීකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    සුළඟ

    සුළං නිරිත හෝ බස්නාහිර දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟෙ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    weather
    පෙර පුව​තඑරිත්‍රියාවේ අවුරුද්දක්ම රඳවාගෙන සිටි ලාංකික නාවිකයන් හය දෙනා දිවයිනට
    ඊළඟ පුව​ත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුවක් අවලංගු කෙරේ.

    සබැ​ඳි පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    පහරදීමකින් අයෙක් මරුට

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group