විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අවලංගු කිරීමට නියෝග කර තිබෙනවා.
ඔහුගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා විසින් පසුගියදා 15 වෙනිදා ඒ මහතා වෙත ලිපියක් නිකුත් කර තිබුනා.
ඒ සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අනුමැතිය ලබා දී ඇති බවත් ලේකම්වරයා සිය ලිපිය මඟින් අධ්‍යක්ෂ ජනරාල් නිරෝෂන් මහතා වෙත දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ලිපියක් යොමු කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම අවලංගු කරන ලෙසයි
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














