නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර,
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.