පවතින අධික වර්ශාව හේතුවෙන් ප්‍රදේශ රැසක පහත් බිම් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයටත් ඇඳහැලුණු තද වැසි සමඟ දෙනියාය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ..
මාතර – කොටපළ මාර්ගය ඌරුබොක්ක බද්දන්වල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.
මාතර දිස්ත්‍රික් සහන සේවා ඒකකය පවසන්නේ අයහපත් කාලගුණයෙන් මාතරදිස්ත්‍රික්කයේ පවුල් 100ක පුද්ගලයින් 363දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.
එමෙන්ම ඌරුබොකු ඔය, කටුවන නගරය ආසන්නයෙන් පිටාරගැලීමෙන් එම නගරය හා අවට ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර ඇදහැලුණු තද වැසි සමඟ කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් හා මාර්ග රැසක්ද ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.













