දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පවසනවා.
එම දෙපාර්තුමේන්තවු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
- සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනයට විශේෂ කමිටුවක්
- බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක්
- චීන තරුණ කඳවුරට ශ්‍රී ලංකාවෙන් 05ක්
- ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
- ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
- යුක්රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්
- ප්‍රදේශ රැසකට තද වැසි