ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශය විදුලි වෘත්තිය සමිති නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලු වෘත්තිය සමිති කැදවා අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් සිදු කළ බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ.
විදුලියල ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තිය සමිති 31 ක නියෝජිතයින් මෙම සාකච්ඡාව සදහා සහභාගි වී තිබෙනවා.