දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක ඇතුළු තොරතුරු තාක්ෂණික උපකරණ සහ සේවා මිලදී ගැනීමට සහ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනයට රුපියල් මිලියනය බැගින් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.
ඒ ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයට සමගාමීවයි.
රාජය සේවය තුළින් මහජනතාවට වඩා යහපත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා රජයේ සේවය නවීකරණය කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වනවා.
තවද රාජ්‍ය සේවය නවීකරණය කිරීම කොළඹට පමණක් සීමා නොකර දිවයිනේ සියලුම ප්‍රදේශවල සමස්ත රාජ්‍ය ආයතන පද්ධතියම ක්‍රමයෙන් නවීකරණය කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව ප්‍රජා ශක්ති ව්‍යාපාරය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය සඳහා රුපියල් මිලියන 369ක මුදලක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
ප්‍රාදේශීය පරිපාලනයට ව්‍යාපෘතියකට සීමා නොකර සෘජු තොරතුරු තාක්ෂණ ධාරිතා සංවර්ධනයට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- අයියාගේ පොළු පහරින් මල්ලී නොඑනගමන් යයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- හානි වූ නිවාස යළි ගොඩනැගීමට සහයවීමට කැමැති අය වෙනුවෙන් දුරකථන අංක දෙකක්
- දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
- නුවරඑළියෙන් රට වටේටම එළවළු කිලෝ 88,000ක්
- නායගිය පාරක් හදන්න පළාත් පාලන ආයතන රැසක් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමදායකත්වය
- රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
- VIDEO: ෆේස්බුක් සාදයකදී අත්අඩංගුවට ගත් පිරිස අතර මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත්













