සීමානිර්ණයෙන් පසු මැතිවරණය පැවැත්වුව හොත් තවත් මාස හයකින් පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අනුව සීමානිර්ණ කටයුතු පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ එළැඹෙන 20 වැනි දා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව යි.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරෙමේ අරමුනෙනේ අලුතින් එම ආයතනවල බල ප්‍රදේශ සීමා නිර්ණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගිය නොවැම්බර් මස මුල දී මෙම සීමානිර්ණ කමිටුව පත්කරනු ලැබුවා.
එහිදී පළාත් පාලන ආයතනවල දැනට පවතින සභික සංඛ්‍යාව 5,100ත්, 5,200ත් අතර අගයක් දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි













