බස්නාහිර පළාතෙන් පළමුවරට වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය තවත් පලාත් කිහිපයකට ව්‍යාප්ත වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
දැනට සිදුකරන ලද පරික්ෂා කිරීම්වලින් අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය ඌව, උතුර සහ වයඹ යන පළාත්වලින් ද වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එසේ බස්නාහිර පළාතෙන් පළමුව හදුනාගත් ප්‍රජනන හා ශ්වසන රෝගය , අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට පසුගියදා තහවුරු කළේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරික්ෂා කීරීම්වලින් අනතුරුවයි.