පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
මෙම උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග චර්ම රෝගවල වර්ධනයක් ද සිදුවිය හැකි බවයි ඔහු සදහන් කලේ. .
වැඩි වශයෙන් ජලය පානය කිරීමෙන් මෙන්ම දියර සහිත ආහාර ලබාගැනීමෙන් මෙම තත්වය වලක්වා ගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.
අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය “අවධානය යොමුකළ යුතු“ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුර, උතුරු – මැද සහ නැගෙනහිර පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උණුසුම් තත්ත්වය “අවධානය යොමුකළ යුතු“ මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.