තද වැසි පිළිබඳ ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, ඌව, සබරගමුව, නැගෙනහිර, උතුරු මැද පළාත් සහ ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අදාළ නිවේදනය බලාත්මක බවයි.
ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වවයේ බලපෑම හේතුවෙන් මධ්‍යම, ඌව, සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත තද වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.














